සමාජ මාධ්‍ය කැළඹූ කිරුළපන සිද්ධියේ සුළමුළ මෙන්න

MOTHER DAUGHTER MOLESTED HAWLOK ROAD OVER TAKE
By Sewvandhi Apr 23, 2021 05:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෝටර් රථයක ගමන් කරමින් සිටි මවක සහ දියණියකට හස්ත මුද්‍රාවෙන් අශෝභන දර්ශන පෙන්වූ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

ඉකුත් දාහත් වැනිදා මව සහ දියණිය ඔවුන්ට අයත් මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී හැව්ලොක් පාර ඊශ්වරී ප්‍රදේශයේදී සැකකාර පිය පුතු දෙදෙනා ගමන්ගත් වාහනයට මඟ අවහිර කළේ යැයි උරණව ඔවුන් ගමන්ගත් වාහනයට ඉස්සර කර මඟ අවහිර කරමින් පැමිණි සැකකරුවන් කිරුළපන බේස්ලයින් සංඥා පද්ධතිය අසලදී සැකකාර පියා විසින් හස්ත මුද්‍රාවෙන් මවට සහ දියණියට ලිංගික අතවර කර තිබූ බව පොලිසිය කියයි.

සැකකරුගේ එම පහත් ක්‍රියාව මෝටර් රථයේ ගමන් ගත් පැමිණිලිකාරියගේ දියණිය විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදා හැර තිබූ බව පොලිසිය කියයි. එම වීඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදුකළ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.එම්. ඉනෝකා මහත්මිය ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් ගමන්ගත් මෝටර් රථයේ ලියාපදිංචි අංක ඔස්සේ පරීක්ෂණ පවත්වා පිය පුතු දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරුළපන සිද්ධාර්ථ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් බවත් පැමිණිලිකාර කාන්තාව නුගේගොඩ පදිංචිකාරියක් බවත් පොලිසිය කියයි. වයස අවුරුදු 25 සහ 52 අතර පසුවන සැකකාර පිය පුතු දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කිරුළපන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කළුආරච්චි මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වයි.එම්. ඉනෝකා, කාන්තා පොලිස් පරීක්ෂක නිල්මිණි, කාන්තා පොලිස් කොස්තාපල් සිතාරා (10426) මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.

කොළඹ – ජයසිංහ මව්බිම පුවත්පත…