බරැක් ඔබාමාට හැමදාමත් ශක්තියක් වූ කෙන්යානු මිත්තණිය මිය ගිහින්
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමා ගේ මිත්තණියක වන කෙන්යාවේ පදිංචි වී සිටී සාරා ඔබාමා අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.99 හැවිරිදි වියේ පසුවූ ඇය රෝහලක දී මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.බරැක් ඔබාමා ආදරයට ඇයට අමතා තිබෙන්නේ granny සාරා යන නමිනුයි .2008 වසරේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ඔබාමා ඇමෙරිකාවේ උපත නොලැබූ මුස්ලිම් ජාතිකයෙකු බවට චෝදනා එල්ල වෙද්දී ඔබාමා වෙනුවෙන් සාරා ඔබාමා පෙනී සිටියාය.
පසුව බරැක් ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්වීමෙන් පසු සාරාගේ නිවස සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත් වූ වා.බරැක් ඔබාමාගේ සීයගෙ තුන්වන සහ ලාබාලතම බිරිඳ වූයේ සරා ඔබාමා යි.ඇය කෙන්යාවේ කිසුමු නගරයේ රෝහලක දී මිය ගොස් ඇති අතර සාරා ඔබාමා සතියක පමණ කාලයක් රෝගී තත්ත්වයෙන් පසු වූ බවයි වාර්තා වන්නේ.කෙසේ නමුත් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවත් සඳහන් වෙනවා .


