කැලණිය පුද බිම අසලදී 45ක් පමණ වයසැති පුද්ගලයෙකු සියදිවියෙන් සමුගනි

POLICE KELANIYA SUISIDE TEMPLE TREE
By Sewvandhi Apr 20, 2021 04:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගසක එල්ලී සියදිවි හානිකර ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැලණිය රජමහා විහාරස්ථානය අසල එම විහාරයට අයත් භූමියේ තිබී අද උදෑසන සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අවුරුදු 45 පමණ වයසැති මෙම පුද්ගලයා බීමතින් සිට ඇති බවට සැක කරන බවයි. ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.