කැළණිතිස්ස අප්‍රේල් 04 සිට යළිත් ජාතික පද්ධතියට – අක්‍ර‍මිකතා සිදුවී ඇත්දැයි සොයන්න සිව් පුද්ගල කමිටුවක්

Kelanitissa
By Thaya Mar 25, 2021 07:36 PM GMT
Report

තාක්ෂණික දෝෂයක් මත අක්‍රීයව තිබූ කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය ලබන අප්‍රේල් 04 දින නැවතත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසනවා. ඔහු කියාසිටියේ මේ වනවිට එය පරීක්ෂණ මට්ටමේ පවතින බවයි. කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුගියදා එය අක්‍රීය තත්ත්වයට පත්වූණා. මේ අතර කැළණිතිස්ස බලාගාරය තුල යම් අක්‍ර‍මිකතාවයක් සිදුවී ඇතැයි යන ප්‍ර‍චාරය පිළිබදව සොයා බැලීමට සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ආචාර්ය බී. විf–රත්න, ලීලානන්ද රාජපක්ෂ, ලීලානන්ද සමරනායක සහ නලින්ද ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් එය සමන්විතයි.