කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට ..ගඟ දෙපස ජනතාවට විශේෂ දැනුම් දීමක්

kelani river weather department water level rises pradeep kodippili
By Sewvandhi May 14, 2021 03:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පැවති වර්ෂාවත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙසින් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව කොළඹ වත්තල, බියගම කොළොන්නාව, කඩුවෙල සීතාවක දොම්පේ රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවල ගඟ දෙපස පහත් බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව නිවේදනය කර තිබෙනවා.

මේ අතර කළු ගඟේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ඒ අනුව ගංඟා අවට පහත්බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිල්ලෙන් සිටින ලෙසයි එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

කැළණි ගඟේ ජල මට්ටම සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම පහතින්.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery