කාවින්ද්‍යා මුහුණු පොතෙන් සමිතාගේ සැමියා ඉවත්කරේ ඇයි – ජායාරූප මෙන්න

Facebook
By Thaya Jan 31, 2021 06:02 PM GMT
Thaya

Thaya

Report

කාවින්ද්‍යා අධිකාරී කියලා කියන්නේ අතුල හා සමිතාගේ ආදරණීය එකම දියණියයි. ඉතින් දැන් බොහෝ දෙනෙක් දන්න හඳුනන මේ ආදරණීය ගායන ශිල්පිනිය, රංගන ශිල්පිනිය වගේම නිවේදන ශිල්පිනිය ගැන සමාජජාල මාධ්‍යවල නිරන්තරයෙන් කතා බහට ලක් වෙනවා. ඉතින් නිතරම තමන්ගේ සමාජජාල මාධ්‍ය තුල කතා බහට ලක්වෙන කාවින්ද්‍යා ඇය නිරන්තරයෙන්ම ඇයගේ සමාජජාල මාධ්‍ය ගිණුම් වල‍ට විවිධ වැකි ඇයගේ ජීවිත අත්දැකීම් අනිත් අයටත් ආදර්ශයක් ගන්න පුළුවන් දේවල් එකතු කරනවා. ඉතින් ඒ වගේම පසුගිය කාලය පුරාවටම ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව මහත්මිය ගැන වැඩි වශයෙන් සමාජය තුල කතා බහක් ඇති වුනේ ඇය ලා බාල තරුණයෙක් සමඟ විවාහ වූ නිසයි. ඉතින් පසුගිය කාලයේ සමිතා චිරන්ත ගැනත් සොදුරු වැකි වගේම චිරන්ත සමිතා සමඟින් ගත් ඡායාරූපද සමාජජාල මාධ්‍යයට කාවින්ද්‍යා අධිකාරී එකතු කරලා තියනවා අපිට දැකගන්නට ලැබුණා. නමුත් මේ වෙද්දී කාවින්ද්‍යා අධිකාරී ඒ ඡායාරූප වලින් බොහෝමයක් ඇයගේ සමාජජාල මාධ්‍යන් තුලින් ඉවත් කරලා. ඉතින් මේ වෙනකොට බොහෝ දෙනෙක්ට මේකට හේතුව මොකක්ද කියලා ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියනවා.

ඉතින් කොහොම නමුත් ඇය ඇයගේ සමාජජාල මාධ්‍ය ගිනුමකට අවසන් වශයෙන් අපූරු සටහනකින් මෙහෙම කියලා තිබුණා. ජීවිතේ හැමදේම වෙනස් වෙන්න යන්නේ හරි පුංචි වෙලාවයි. කවුරු මොනවා කිව්වත් කවුරු තමන්ව කොහොම විවේචනය කරත් තමන් විඳින දේ ට තමන් කැමති නම් ඒ දේ විඳින්න. මොකද තවත් මොහොතක ඒ දේ විඳින්න අවස්ථාවක් නැති වෙන්න පුලුවන්. ජීවිතේ කෙටී යා යුතු මඟ දුරයි කිව්වට හුඟක් දෙනා ඒක එච්චර දුරත් නෑ වගේ දැන් බලද්දී. ඉන්න කාලේ සතුටින් ඉන්න කියලයි ඇය ඇයගේ සමාජජාල මාධ්‍ය ගිණුමක සටහනක් තබා තිබුනේ