"මගෙ මොකක් හරි පෙර පිනකට එයාව මට හම්බ වුණේ.. මම වැටුණු තැන් වල දී මාව නැගිට්ටුවේ එයා.. " - කාවින්ද්‍යා දුල්ශානි (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips Actress
By krishani Aug 04, 2023 06:22 PM GMT
krishani

krishani

Report

ටෙලි තිරයේ හැඩකාර දගකාර කවුරුත් ආදරය කරන ලස්සන තරුවක් තමයි කාවින්ද්‍යා දුල්ශානි කියලා කියන්නේ.

ඉතිම් අපි අද කතා කරන්නේ කාවින්ද්‍යා එක්ක.ඉතිම් ඇය රංගනයට ඇවිත් අවුරුදු හතක් පමණ වුණත් ටෙලි තිරයට නැතුවම බැරි තරුවක් වෙලා.

ඇගේ විවාහයත් සමග ඇය සම්බන්ධයෙන් පහුගිය දවස් ටිකේ වැඩි වැඩියෙන් කතාබහට ලක්වුණා.

ඉතිම් ඇයගේ අතිනත ගත් වාසනාවන්තයා තමයි බුද්ධික ජයවර්ධන.මේ ඇය ගැනයි.

ඉතිම් කාවින්ද්‍යා කොහොමද අලූ‍ත් ජීවිතේ?

ඇත්තටම හොඳයි.තනියම ගත කරපු කාලය එක්ක බලද්දි දැන් වගකීම් සහගත කෙනෙක් වෙලා.ඒ ජීවිතෙත් හරිම සුන්දරයි.

දැන් හුඟක් කාර්යබහුලයි නේද?

ටිකක් කාර්යබහුල වුණා රූපගත කිරීම් එක්ක.මම ළඟදි විවාහ වුණා නේ.ඒ වැඩත් එක්කත් ටිකක් කාර්යබහුල වුණා.

දැන් කාවිද්‍යා වගකීම් වැඩි වෙලා නේද?

ඇත්තටම විවාහය කියන්නෙ වගකීම් සහගත දෙයක් කියලා මම හිතනවා. තනියම මම ඉන්නකොට වගේ නෙමෙයි.දැන් විවාහයත් එක්ක මට පවුල් තුනක් ඉන්නවා.ඒ ගැන බලන්න වෙනවා.අපි දෙන්න ගැන මගේ ගෙදර ගැන වගේම ඔහුගේ ගෙදර ගැනත් මම ආදරෙන් බලනවා.ඒක නිසා දැන් වගකීම වැඩියි.

මේ තරම් ඉක්මනට විවාහ වෙන්න හිතුවේ ඇයි කාවින්ද්‍යා?

මම හිතන්නේ නෑ විවාහය ඉක්මන්වීමක් කියලා.ඒක කෙනෙක්ගෙ කැමැත්ත අනුව තීරණය වෙන දෙයක්. සමහරු කැමති ටික කාලයක් ඉඳලා විවාහ වෙන්න. තව කෙනෙක් කැමතියි ඉක්මනට විවාහ වෙන්න.

ඉතිම් කාවින්ද්‍යා ඔහුව තෝරාගැනීම ගැන මොකද හිතෙන්නෙ?

මම හිතන්නේ මගේ මොකක්හරි පෙර පිනකට, වාසනාවකට ලැබුණ දෙයක් කියලා.ඒ තරමට ඔහුට මාව දරාගන්න වගේම ඉවසන්නත් පුළුවන්.මම වැටුණු තැන්වල මාව නැගිට්ටුවේ එයා. 

ඔයාගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම බලාපොරොත්තු වෙනවා සතුටින් පවුල් ජීවිතෙත් රැකගෙන, කලා කටයුතුත් කරගෙන සතුටින් ජීවත්වෙන්න.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha