කටුනායක ගුවන්තොටුපොළ ගැන ගත් තීරණයක්

covid19 infections airport katunayake
By Sewvandhi Apr 25, 2021 12:18 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත අමුත්තන් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ නැවත දැනුම්දෙන තුරු එම තීරණය ක්‍රියාත්මක බවය.

පවතින කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. මේ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ වුවද සංචාරකයන් ගෙන්වීමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සෞඛ්‍ය අංශ උපදෙස් අනුව එම කටයුතු සිදුකරන අතර ගුවන්තොටුපොළ කටයුතු ද ඉදිරියට පවත්වාගෙන යෑමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම සීමා කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළේය.