බුද්ධගයාවේ කඨින චීවර පිංකම
By Kanchana
බුද්ධගයාවේ කඨින චීවර පිංකම නොවැම්බර් 2 වැනිදා බුද්ධගයාවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම පිංකමට පෙර කඨින චීවරය ඔක්තෝබර් 11 සිට 20 දක්වා ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කරනු ලබන අතර, එම කාලය තුළ බැතිමතුන්ට වන්දමාන කිරීමට අවස්ථාව උදාවෙනු ඇත.
එමෙන්ම ඉන් පසු ඔක්තෝබර් 24 සිට 26 දක්වා සෙල්ලකතරගම වතුරුවාවිල රජමහා විහාරයේ කඨින චීවරය තැන්පත් කරනු ලබයි .
එම කාලය තුළ ද කඨින චීවරය වන්දනාමාන කිර කුසල් දම් රැස් කර ගැනීම සඳහා බැතිමතුන්ට අවස්ථාව හිමි වේ.