කීරි සම්බා හිඟය මට්ටු කරන්න රටින් ගේන්නත් අපි සූදානම් - ඇමති වසන්ත කියයි
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසුවේ, කීරි සම්බා හිඟය නිවැරදි කිරීම සඳහා යම් කෙටි කාලයකට ආනයනය කිරීම අනිවාර්ය වනු ඇති බවයි.
රටේ කීරි සම්බා පරිභෝජනයෙන් සියයට 18ක් පමණ ආවරණය වන්නේ දේශීය නිෂ්පාදනයෙන් බවත්, නිෂ්පාදනය සියයට 15කට පමණක් සීමා වීම නිසා සියයට 4කට ආසන්න හිඟයක් පවතින බවත් ඔහු සඳහන් කළේය. මෙම වෙළඳපොළ හිඟය උපයෝගී කරගනිමින් මඟ මෝල් හිමියන් මිල වැඩිකිරීමකින් පාලනය කිරීමට උත්සාහ දරන බවත්, එය වළැක්වීම සඳහා කෙටිකාලීන ආනයනය අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.
ඒ අනුව, කීරි සම්බා වගාව වැඩිදියුණු කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බවත්, දිගුකාලීනව එම වගාව වැඩිකරමින් හිඟය නිවැරදි කිරීමට උපකාරී වන බවත් අමාත්‍ය සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.
