මේ වසර තුන තුළ රජයෙන් මේ අයට ගෙවල් පන්දාහක් - අනුර

Report

නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් ඉදිරි වසර තුන ඇතුළත නාගරික ජනතාවට ගෙවල් පන්දාහක් හදන්න බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කළා.

ඒ අද (09) දින පාර්ලිමේන්තුවේදීයි.

ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

පාස්කු ප්‍රහාරය වගේ සංවේදී කරුණක් ප්‍රසිද්ධ කරපු වරදට මන්ත්‍රීවරයා කාරක සභාවෙන් නෙරපිය යුතුයි - වසන්ත

පාස්කු ප්‍රහාරය වගේ සංවේදී කරුණක් ප්‍රසිද්ධ කරපු වරදට මන්ත්‍රීවරයා කාරක සභාවෙන් නෙරපිය යුතුයි - වසන්ත

"ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන විටම පළමු පියවර යටතේ මෙපමණ වැඩ ප්‍රමාණයක් කළ යුතු බව අප තේරුම් ගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලි සඳහනක් තිබෙනවා. දුප්පත් ජනතාව එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කරන බව අප සඳහන් කළා. සහන ලබාදිය යුතු ඉලක්ක සහගත කණ්ඩායම් සඳහා වැඩසටහන් සැකසීමට අප කටයුතු කළා. අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට කටයුතු කළා. සිසුන් සඳහා වාර ප්‍රවේශ පත් දීමනා වැඩි කළා. සුභසාධන වියදම වැඩි කිරීමට අපි කටයුතු කළා. එක පැත්තකින් අප මූල්‍ය විනය පවත්වා ගැනීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ වගේම මූල්‍ය විනය පවත්වා ගැනීමෙන් ලැබුණු ප්‍රතිලාභය ජනතාවට ලබාදීමට කටයුතු කර තිබෙනවා. මේ වසරේ රැකියා නියුක්තිය සීයට දෙකකින් වැඩි කළා. මේ වසර තුන ඇතුළත නාගරික ජනතාවට ගෙවල් පන්දාහක් හදන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ ආර්ථික අර්බුදයේ පව් කර ගහගෙන" යනුවෙන්.

මහින්ද රාජපක්ෂ හිටපු ගෙදර වතුර ලයිට් කපයි?

මහින්ද රාජපක්ෂ හිටපු ගෙදර වතුර ලයිට් කපයි?

සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි

සියලුම කුඩා පාසල් එකවර වහනවද නැද්ද කියලා අගමැතිනියම දැනුම් දෙයි