කොරෝනා වලින් ලංකාවට ගොඩයන්න සුපිරිම ක්‍රමයක්..ලොව පුරා සියල්ලගේ අවධානයට.

Corona World American Kansa Sri Lanka
By Aruna Aug 31, 2021 05:09 AM GMT
Aruna

Aruna

Report

ස්වයං ප්‍රතිශක්තිකරණය උදෙසා කංසා නීතිගත කරන සිදු ලෙස ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඉල්ලා සිටියි. එහි ලේකම් තුසිත බාලසුරිය මහතා රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම ලිඛිතව කර තිබේ.

ලෝකය පුරාම ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගැනීම සඳහා කංසා භාවිත කරද්දි ආයුර්වේද මෙන්ම දේශීය ඖෂධයක් වන කංසා භාවිතා කිරීම මෙරට පුරවැසියන්ට අවසර නොමැති වීම කණගාටුවට කරුණක් යැයි ද ඔහු පෙන්වා දෙයි.

වැඩිහිටියන්ගේ භාවිතය සඳහා නියාමනයන් සහිතව කංසා නීතිගත කරන්නැයි ඔහු රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

එය මෙරට ජනතාවගේ සුවය උදෙසා මෙන්ම දේශීය වෙදකම නගාසිටුවීම උදෙසා ද ගන්නා වැදගත් හා විප්ලවීය තීන්දුවක් බව ද ඔහු පෙන්වා දෙයි.

දේශීය විදේශීය පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි කොරෝනා රෝගය මාරාන්තික තත්ත්වය වෙන නිවුමෝනියා තත්ත්වය පාලනය කිරීම සඳහා කංසා යොදාගත හැකි බවත් පර්යේෂණ ගණනාවක් මගින් තහවුරු කර ඇති බවද ලේකම්වරයා කියා සිටී.

ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල කොරෝනා එන්නත ලබා ගත් අයට නොමිලේ කංසා බෙදාදීම ද ලේකම්වරයා විසින් එම ලිපිය මගින් සිහිපත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha