වැඩිම මරණ සිදුවූ මහනුවර මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Report

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා හානි රැසක් සිදුවිය.

ඒ අනුව වැඩිම හානිය සිදුව ඇති මහනුවර දිස්ත්‍රික්කයෙන් අද (11) වන විට ආපදා මරණ 240 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදහන් වූ පුද්ගලයන් 75 ක් ලෙස වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ, අද (11) වන විට මහනුවර දිස්ත්‍රික්කය තුළ පවුල් 54,988 කට අයත් පුද්ගලයින් 1,89,265 ක් පීඩාවට පත්ව ඇති බවයි. මේ අතරින් පවුල් 20,155 ක පුද්ගලයින් 70,282 ක් අවතැන් වී ඇති අතර, ඔවුන්ගෙන් පවුල් 6,097 ක පුද්ගලයින් 21,456 දෙනා ආරක්ෂිත ස්ථාන 261 ක රඳවා ඇති බවද සඳහන් කළේය.

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

තවත් පවුල් 12,974 ක පුද්ගලයින් 45,732 ක පිරිසක් ඥාති නිවෙස්වල පදිංචිව සිටින බවද සඳහන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 2,263 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, තවත් නිවාස 14,735 කට අර්ධ හානි සිදුවී ඇති බවද රණවීර මහතා තවදුරටත් දක්වයි.

ආපදාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් මත, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහාය ඔස්සේ සිදු කරමින් තිබේ.

රජයේ අත්‍යවශ්‍ය සේවාවලට වහාම බඳවා ගනී - එක් එක් පුරප්පාඩු ගණන මෙන්න

රජයේ අත්‍යවශ්‍ය සේවාවලට වහාම බඳවා ගනී - එක් එක් පුරප්පාඩු ගණන මෙන්න