හෙට සිට දිවයිනට පැමිණිය හැකි ගුවන් මගීන් ගණන සීමා කෙරේ

By Wasantha May 02, 2021 01:14 PM GMT
Wasantha

Wasantha

Report

 හෙට අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් ගුවන් යානයකින් මෙරටට පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75ක් ලෙස සීමා කොට ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ.

මෙම සීමා කිරිම හෙට සිට දින 14 ක කාලයක් සඳහා වලංගු වන බව පැවසූ සභාපතිවරයා රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ඉන් පසුව ගන්නා බවද සඳහන් කර සිටියා.

මිට පෙර මෙරටට පැමිණෙන ගුවන් යනාවකට උපරිම වශයෙන් ලාංකික පුරවැසියන් 75ක් සහ ඊට අමතරව විදේශීය සංචාරකයින් රැගෙන ඒමට අවසර ලබාදී තිබු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ. නව සීමා කිරීම් වලට යටත්ව හෙට අලුයම සිට දිවයිනට පැමිණිය හැක්කේ එක් ගුවන් යානයකින් ලාංකික පුරවැසියන් සහ විදේශීය සංචාරකයින් 75 දෙනෙකුට පමණයි. 


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join Now