බන්ධනාගාරයට ගුවනින් ආ පාර්සල්
කලුතර බන්ධනාගාරයේ B අංශයට පිටතින් ඊයේ (27) සවස 2.30ට පමණ විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
එම පාර්සලයේ තිබී හෙරොයින් යැයි සැකකළ හැකි පැකටි 158ක්, ගංජා ග්‍රෑම් 20ක්, ජංගම දුරකථන 02ක් සහ මත් කරල් 30ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මේ අතර, අද (28) පෙ.ව. 9.00ට පමණ කළුතර බන්ධනාගාරයේම B අංශයේ B4 වාට්ටුවේ වහළය මතට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
එම පාර්සලය තුළ තිබී ජංගම දුරකථන 06ක්, දුම්කොළ 10ක්, ජංගම දුරකථන චාජර් 02ක් සොයා ගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය සහ අනෙකුත් තහනම් ද්‍රව්‍ය ඉදිරි කටයුතු සඳහා කලුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව බන්ධනාගාර බලධාරීන් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi