මව සහ පියාට දිවි අහිමි කරමින් දරුවන් රෝහල්ගත කළ බිහිසුණු පවුල් ආරවුල

Sri Lanka Police Investigation Crime Murder
By Sewvandhi Aug 22, 2024 02:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සැමියා විසින් බිරිඳට සහ පුත්‍රයාට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ බිරිඳ මියගොස් තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සැකකාර ස්වාමිපුරුෂයා, බිරිඳ (38), 18 හැවිරිදි පුත්‍රයා සහ අවුරුදු 08ක දියණිය නිවිතිගල පොලිස් වසමේ කලවාන පාර, දෑල ප්‍රදේශයේ නිවසක ජීවත්වී ඇති අතර ඊයේ (21) රාත්‍රියේ ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම සිද්ධිය ඇතිවී තිබේ.

පොලීසිය තවදුරටත් පැවසුවේ, සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ බිරිඳ සහ පුත්‍රයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බිරිඳ මියගොස් තිබූ බවයි.

පසුව පොලීසිය විසින් නිවස පරීක්ෂා කිරීමේදී 48 හැවිරිදි සැකකාර සැමියා නිවස තුළ සියදිවි නසාගෙන සිටියදී සොයාගෙන ඇත.