"..ආණ්ඩුව පැරදුනාම සමහර මාධ්‍ය ආයතනවලට මොකක් වෙයිද දන්නෑ.." ජාතික ජන බලවේගයෙන් යළිත් තර්ජන..
Anura Kumara Dissanayaka
Janatha Vimukthi Peramuna
Latest Headlines
By Sewvandhi
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා, දේශපාලන රැස්වීමක් අමතමින් කියා සිටියේ, අද බලයේ ඉන්න අය පැරදුණාම සමහර ජනමාධ්‍යවලට කුමක් වෙයිද දන්නේ නැති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින්
"..දැන් අප මේ කතා කරන වේලාවේ බලයේ ඉන්නෙ පරදින අය. සමහර ජනමාධ්‍යයත් ඒගොල්ලන්ගෙයි. පරදින්න ඉන්න අයගෙයි. ඒගොල්ල පැරදුනාට පස්සෙ මේ සමහර ජනමාධ්‍ය ජනතාවගෙ ඒවා බවට පත් වෙනවා. සමහර ඒවට මොනව වෙයිද දන්නෙ නැහැ. වහල දායිද මොකක් වෙයිද දන්නෙ නැහැ. ජනමාධ්‍ය ආයෙ නොකර ඉඳියි ද දන්නෙ නැහැ. ඒ තරම් පච කියන්නෙ සමහර ජනමාධ්‍ය මඟින්. එක මාධ්‍යයක් තිබෙනවා අකුරු දෙකයි තිබෙන්නේ. එකට මඩ ටී.වී. කියන්නත් පුළුවන්. උදේ හිටන් රූ වෙනකල් මඩ’, යැයි ද හෙතෙම කීවේය.
