අතුරුදන් වූ ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද එළියට ඇවිත් කිව්ව දේ මෙන්න.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Oct 23, 2024 04:17 AM GMT
Aruna

Aruna

Report

කොළඹ තරු පන්තියේ හෝටලයක නවතා තිබියදී සොයාගත් තමන්ට අයත් යැයි කියන ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබේ.

ප්‍රනාන්දු මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ඊයේ (22) සළකා බැලීය.

අද සිට රාජ්‍ය සේවයට අදාලව මේ අයගේ සියලු නිවාඩු අවලංගු කරයි..හේතුව මෙන්න.

අද සිට රාජ්‍ය සේවයට අදාලව මේ අයගේ සියලු නිවාඩු අවලංගු කරයි..හේතුව මෙන්න.


ප්‍රනාන්දු මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව විභාගයේදී ඔහුගේ නීතීඥවරු අධිකරණයට දන්වා සිටියහ.

පෙත්සම ඔක්තෝබර් 25 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, “අපි බලමු මොකද වෙන්නේ කියලා. ප්‍රශ්න වලට කාලය උත්තර දෙයි. සත්‍යය ජය ගනීවි.”