ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය දිවයිනේ නිළ සචාරයක.
ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාව මහත්මිය අද දින පෙරවරුවේ මෙරටට පැමිණ තිබේ.
මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය සහයෝගය ජපන් රජය විසින් තවදුරටත් ලබාදීම පිළිබඳව මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
ඇය මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ,අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු පිරිස හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය සහ දුත පිරිස අද සහ හෙට දිනයන්හිදී මෙරට රැඳී සිටින බවට මෙරට ජපන් තානාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ.