ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11කට ජපානයෙන් තහනමක්

Japan Sri Lanka
By Thaya Jan 15, 2021 11:39 AM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබේ.

කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේ එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කරමින් මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊයේ තවත් නගර කිහිපයක හදිසි තත්වයන් ප්‍රකාශ කෙරුණි.

ඒ අනුව ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව,මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ද ජපානයට ඇතුළු වීම තහනම් වේ.

කෙසේවුවද ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම අදාළ නොවන බව වාර්තා වේ.

ජපානයේ කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 03කට පමණ ආසන්න වී ඇති අතර 4,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ