‘සාම ස්මාරකය’ එපා.. ‘මුල්ලිවයික්කාල් සැමරුම’ නම ඉල්ලා යාපන සිසුන් දැඩි විරෝධයක..

Police Education Jaffna
By Thaya Feb 05, 2021 05:15 PM GMT
Thaya

Thaya

Report

යාපනය විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුළ ඉදිකෙරෙන ස්මාරකයේ නම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලූවක් හේතුවෙන් උප කුලපතිවරයා හා මහා ශිෂ්‍ය සංගමය අතර විශාල අර්බූදයක් හට ගෙන තිබේ.

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ කාරණා වලට අනුව එම ස්මාරකය සාම ස්මාරකය ලෙස යළි ඉදි කිරීමට අවසර ලබාදිය හැකි බව උප කුලපතිවරයා ප‍්‍රකාශ කොට ඇතත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් එම යෝජනාවට එකග වී නොමැත.

මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ එම ස්මාරකය මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය වශයෙන් ඔවුන් ඉදි කරන බවයි.

වෙනත් නම් වලින් යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ ස්මාරක ඉදිකිරීමට අවශ්‍යතාවක් නොමැති බව පවසන ශිෂ්‍ය සංගමය යාපනයේ ජනතාව හා විදේශ රටවල පිරිස ආධාර කොට ඇත්තේ සාම ස්මාරකයක් පිහිටුවීමට නොවන බවට ප‍්‍රකාශ කරයි.

නමුත් උප කුලපතිවරයා තරයේම ප‍්‍රකාශ කොට ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලය තුළ යුද ස්මාරකයක් ඉදිකිරීමට තමන්ට අවසර ලබාදිය නොහැකි බවත් අවසරයකින් තොරව කිසිදු ඉදි කිරීමක් නොකරන ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් තමන්ට දැනුම් දී ඇති බවත්ය.

ReeCha