ලොක්ඩවුන් කඩාගෙන මහ පිරිසක් පැන පහර දේ
jaffna
pudhiya chemmini
koopaai police
By Sewvandhi
යාපනය පුදිය චෙම්මිණි ප්‍රදේශයේ නිවසකට රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් සිදුකල ප්‍රහාරයකින් නිවැසියන් තිදෙනෙකු තුවාල ලබා දේපල රැසකට හානි සිදුව ඇතැයි කෝපායි පොලීසිය පවසයි.
සංචරණ සීමා පනවා තිබියදී රාත්‍රියේ අදාල නිවසට යතුරුපැදිවිල් පුද්ගලයින් 20 ක පමණ පිරිසක් එම නිවසට කඩාවැදී පළමුව නිවසේ තිබූ දේපලවලට හානි කොට තිබූ අතර පසුව නිවැසියන්ටද පහර දී ඇති අතර එහිදී නිවැසියන් තිදෙනෙකුට සුලු තුවාල සිදුව ඇත.
පහරදීමෙන් නිවසේ දේපල වලට මෙන්ම යතුරුපැදියකට හා පාපැදියකට හානි සිදුව ඇති අතරම නවැසියන්තුව තිබූ රන් මාලයක්ද කොල්ල කා ගොස් ඇති බවට පොලීසියට පැමිණිළි කොට ඇත.
අදාල පහරදීම සිදුකල පුද්ගලයින් සොයා මේ වන විට පරික්ෂණයක් අරඹා ඇති අතරමපෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇතැයි සැක පල කරන බවට කෝපායි පොලීසිය වැඩිදරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |