කොවිඩ් අවදානම මැද උතුරේ විශාල පිරිසක් තේරු සැමරූ හැටි

jaffna covid 19 kaluthara kovil festival vannarpannei
By Sewvandhi Apr 27, 2021 05:04 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයින පුරා කොවිඩ් ව්‍යාප්තියේ දැඩි අවදානමක් තිබියදීත් පසුගිය 25 වනදා යාපනය වන්නාර්පන්නෙයි හි පිහිටි හින්දු කෝවිලක තේරු උත්සවයක් සංවිධානය කර තිබී ඇති අතර ඊට විශාල පිරිසක් ද එක්ව තිබේ.

ඊට සහභාගී වූ බොහෝ පුද්ගලයින් මුහුණු ආවරණ පැළඳ සිටීමක් හෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමක් දක්නට නොලැබුණි. මේ අතර කළුතර, දොඩංගොඩ ගන්ඉම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයින් 20 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී තිබේ.

මේ බව තහවුරු වී ඇත්තේ පසුගිය 24 වැනිදා එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 134 දෙනෙකුට සිදුකළ අහඹු PCR පරික්ෂණවලදී ය. කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා සඳහන් කළේ, කර්මාන්තශාලාව අද (27) සිට තාවකාලිකව වසාදැමූ බවය.

එමෙන්ම ලංකා ධීවර නීතිගත සංස්ථාවේ අහඹු ලෙස පුද්ගලයින් 186 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණවලින් 13 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ. අද ඊට අදාළ තවත් PCR පරීක්ෂණ 86 ක් සිදුකළ අතර එහි වාර්තා හෙට (28) ලැබීමට නියමිතය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi