යාපනයේ වෛද්‍යවරු දින 97ක් වෙහෙසී ළදරුවා ගොඩදැමූ හැටි...මෙන්න සම්පූර්ණ විස්ථරය.

Jaffna
By Thaya Feb 23, 2021 05:15 PM GMT
Thaya

Thaya

Report

ග්‍රෑම් හයසියයක අඩු බරින් උපන් දරුවෙකු දින අනූහතක දැඩි පරිශ්‍රමයක් දරමින් බේරාගැනීමට යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වී තිබේ. යාපනය ශීක්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය බාර විශේෂඥ වෛද්‍ය දීපාල් නවරත්න ප්‍රමුඛ වෛද්‍ය හා රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම මැද මෙම දරුවා සුවපත් තත්ත්වයට පත්කර තිබේ. යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි සයමස් ගැබිනි කාන්තාවක ප්‍රසූත වේදනාව හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 17 වනදා මන්දිගෙයි රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ​යොමු කිරීමෙන් අනතුරුව පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබුණි.

ප්‍රසූත කළ දරුවා ග්‍රෑම් හයසියයක අඩු බරිවන් යුතු වීම හේතුවෙන් දින අනූ හතක කාලයක් යාපනය ශීක්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සඳහා යොමුකර තිබුණු අතර දරුවාගේ බර පසුගියදා සුවය ලබා නිවෙසට යනවිට කිලෝග්‍රෑම් 1.6ක පමණ අගයක් ගෙන තිබුණි. ගර්භණී කාත්තාවක දරුවකු ප්‍රසූත කිරීමේ කාලය සති 35ක් වුවත් මෙම කාන්තාව දරුවා ප්‍රසූත කර ඇත්තේ සති 24 ක කාලයකිනි. විශේෂඥ වෛද්‍ය දීපාල් නවරත්න සඳහන් කළේ එම දරුවා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවය.