අද හවසට වරුසාව වැඩි... කල්පනාකාරී වන්න - කාලගුණය
Weather
By Thaya
උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (26) රාත්‍රී කාලයේ සිට බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.
සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.