ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්..වහාම ආරක්ෂක ස්ථානයන්ට යන්න..

Sri Lanka Israel Israel-Hamas War
By Aruna Sep 25, 2024 05:17 AM GMT
Aruna

Aruna

Report

හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් වඩාත් කල්පනාකාරීව කටයුතු කළයුතු බවට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා දැනුම් දී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සිට හිස්බුල්ලා සංවිධානය විසින් ෂෙල් හා රොකට් ප්‍රහාර ගණනාවක් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පිහිටි හයිෆා, ගැලිලි, ගෝලන්, හා නාසරිත් යන ප්‍රදේශවල ඉහළ අහසේ සිට අයන් ඩෝම් පද්තිධය මගින් විනාශකර ඇති බවයි.

ජනපති අපේක්ෂකයින් 35කට වෙච්ච දේ..නාමලුත් ඒ අතරට..තුන්වෙනි තැන ඡන්දය නොදුන් අයයි.

ජනපති අපේක්ෂකයින් 35කට වෙච්ච දේ..නාමලුත් ඒ අතරට..තුන්වෙනි තැන ඡන්දය නොදුන් අයයි.


විටින් විට එල්ලවන මෙම ප්‍රහාර පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කර ඇත්තේ, ආරක්ෂිත නළා නාද වන සෑම අවස්ථාවකදීම තමන් අසල ඇති ආරක්‍ෂිත නිවස්නයට ගොස් ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%