මැද පෙරදිග උණුසුමට නැවතීමේ තිත ද ?

war Gaza israel palestine all jaseera
By Sewvandhi May 21, 2021 12:48 AM GMT
Report

ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර දින 11 ක් තිස්සේ පැවැති ගැටුම් අවසන් විය. ඒ, දෙපාර්ශ්වයම සටන් විරාමයකයට කැමැත්ත පළ කළ බැවිනි.

සටන් විරාමයකට දෙපාර්ශ්වය කැමැති කරගෙන ඇත්තේ ඊජිප්තුව මැදහත්කරුවකු ලෙස කටයුතු කිරීමෙන් යැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ඊජිප්තු නියෝජිතයන්, පලස්තීනයේ හමාස් නියෝජිතයන් සහ ඊශ්‍රායල රජයේත් හමුදාවේත් නිලධාරීන් හමුවීමෙන් පසු සටන් විරාමයට කැමැත්ත හිමිවුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දින 11 ක් තිස්සේ පැවැති ගැටුම්වලින් පලස්තීනුවන් 233 දෙනෙකු මියගිය බවත් ඔවුන්ගෙන් 65 දෙනකු කුඩා දරුවන් බවත් පැවැසෙයි.

ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ජෙරුසලමේදීය (අල් ජසීරා)



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now