වහාම කියාත්මක වන පරිදි ප්‍රදේශ රැසක් මේ මොහොතේ සිට හුදකලා කරයි..

Colombo Hambantota Gampaha Isolating Rathnapura
By Aruna May 12, 2021 02:11 AM GMT
Aruna

Aruna

Report

අද (12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදකලාභාවයෙන් ඉවත් කළ බවය.

එම හුදකලා කළ ප්‍රදේශ පහතින්.

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ, කොලමුන්න මාම්පේ බටහිර

ගම්පහ දිස්ත්‍රික්කය

මහබාගේ පොලිස් බලප්‍රදේශයේ, ඇලපිටවල නවම් මහර ගම

මඟුල් පොකුණ ගමේ මඟුල් පොකුර පාර

ගාල්ල දිස්ත්‍රික්කය

ඉමදූව පොලිස් බලප්‍රදේශයේ, දික්කුඹුර අහංගම බලප්‍රදේශයේ, අටානිකිත

රත්නපුර දිස්ත්‍රික්කය

පැල්මඩුල්ල බලප්‍රදේශයේ, සන්නස්ගම දොඩගස්වින්න

ගොඩගම කහවත්ත බලප්‍රදේශයේ, කට්ටංගේ අංක 3 කොටස

හම්බන්තොට දිස්ත්‍රික්කය

සූරියවැව බලප්‍රදේශයේ, සුරියවැව නගරය

කෑගල්ල දිස්ත්‍රික්කය

බුලත්කොහුපිටිය බලප්‍රදේශයේ, උඩපොත කැන්දාව

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කය

කොටදෙණිය බලප්‍රදේශයේ, කළුඅග්ගල පොල්හේන

කළුතර දිස්ත්‍රික්කය

දොඩන්ගොඩ බලප්‍රදේශයේ, අධිකාරීගොඩ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery