ලොක්ඩවුන් කරන වෙලාව ගැන හමුදාපතිගෙන් දැනුම් දීමක්..ඉදිරි පැය 48 තීරණාත්මකයි.

Police Sri lanka Shavendra silva Isolating President media
By Aruna May 11, 2021 02:42 AM GMT
Aruna

Aruna

Report

 පළාත් අතරසංචරණ සීමා ඉදිරි පැය 48 තුළදී පැනවීමට නියමිතව තිබෙන බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි .

ඊයේ රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක වැඩසටහනක්ට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ලබන මැයි 30දක්වා පළාත් අතර සංචරණ සීමා පණවන බවට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබූ පසුබිමක එම සීමා පැණවෙන දිනය සඳහන් කෙරුණේ නැහැ.

ඒ අනුව ජනතාව අතර කුතුහලයකට බඳුන් වූ ඉදිරි දින කිහිපයේ රටේ සංචරණ සීමා පැනවීමේ පුවත සම්බන්ධයෙන් ද ශවේන්ද්‍ර සිල්වා මහතා කරුණු සඳහන් කළා.

“ඊයේ (10) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ කීපයක හමුවක් පැවැත්වුණා.

ඔවුන් යෝජනා කළේ රටම හුදෙකලා කිරීමෙන් තොරව අදාළ ප්‍රදේශවලට සංචරණ සීමා පනවන ලෙස යි පළාත් අතර සංචරණ සීමා අවශ්‍ය පරිදි පැනවීමට ඒ අනුව තීරණය වී තිබෙනවා.

මෙය ක්‍රියාත්මක කළ හැකි ක්‍රමය දැනුම් දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට දැනටමත් දැනුම් දී අවසන්.! බොහෝ දුරට ඉදිරි පැය 48 තුළදී සංචරණ සීමා පැනවීමට නියමිතයි .

සංචරණ සීමා පැනවීමේ දී ඒවා අවසන් වන දිනය ද දැනට ජනතාවට දැනුම් දිය යුතු බවට ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව තමයි දැනට මැයි 31 වන දා දක්වා පමණක් මෙම සීමා බලපැවැත්වෙන බවට නිවේදනය කර ඇත්තේ .

” යුද හමුදාපතිවරයා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now