අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක වේ... අංක අනුව පාරට බහින්න පුලුවන් විදිය මෙන්න.
Sri Lanka
Gampaha
Isolating
Ajithi Rohana
By Aruna
දිනතුනක් පුරා ක්‍රියාත්මක වූ දිවයින පුරා සංචරණ සීමා අද අළුයම 4 සිට ඉවත් කෙරිණ.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වන්නේ පළාත් අතර සංචරණ සීමා සහ රාත්‍රී කාලයේ දිවයින පුරා රාත්‍රී 11-4 දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා පමණි.
කෙසේ වෙතත් අද සිට හැඳුනුම්පත් අංක නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. සංචරණ සීමා ඉවත් කළ බැවින් රැකියා කටයුතු සඳහා මෙන්ම වෙළඳාම් කටයුතු සඳහා රාත්‍රී 11වන තුරු අවසර තිබේ.
ඒ වෙනුවෙන් පොදුප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක වනු ඇත. රාත්‍රී 11න් පසු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් අවසර හිමි ය.
කෙසේ වෙතත් අද අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පිටතට යා හැක්කේ ජාතික හැඳුනුම්පත් අංක 1,3,5,7,9, දරණ අයට පමණි.
එම නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |