පවතින භයානක තත්ත්වය යටතේ වහාම මුළු රටම Lockdown කරන්න...

Covid Corona Sri lanka Isolating
By Aruna Apr 30, 2021 07:24 AM GMT
Aruna

Aruna

Report


පවතින අවදානම් තත්වය සැලකිල්ලටගෙන කඩිනමින් සමස්ථ රටම අගුලු දැමීමකට හෝ සංචරණ සීමා පැනවීමකට ලක්කරන ලෙස ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විතයේ බිම් මට්ටමේ තත්වය එතරම් සුබවාදි නොවන බවයි ඔවුන් අවධාරණය කළේ.

හදුනාගන්නා කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව වර්ධනය වීමත් සමග රෝගීන් රෝහල් ගතවීම වෙනුවෙන් පොරොත්තු ලේඛණයේ අවස්ථාව පැමිණෙන තෙක් නිවෙස් වලට වී රැදී සිටින බවයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා.