වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි..එම ප්‍රදේශ මෙන්න.
මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් 04ම මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමත් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ග්‍රාම නිලධාරී වසම් තුනක් ද මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව, ගල්අමුණ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අතර පළමු වරට දිනක් තුල මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1500 සීමාව ඉක්මවා වාර්තා වී තිබෙනවා.
ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,531ක්. මෙරටින් පිට පිට තෙවන දිනයටත් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වුවා.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 106,484ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 10,378ක්.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 95,445ක්.
මේ අතර ඊයේ තවත් කොරෝනා ආසාදිත මරණ හයක් වාර්තා වී ඇති බව රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
ඒ අනුව මෙරට සමස්ත covid ආසාදනය වීමෙන් මරණයට පත් වූවන්ගේ සංඛ්‍යාව 667 දක්වා ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa