වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක් හුදකලා කෙරේ.

Panadura Piliyandala Thrinco Isolating Nuwaraeliye
By Aruna May 02, 2021 01:15 AM GMT
Aruna

Aruna

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

පානදුර දකුණ ප්‍රදේශයේ වෑකඩ උතුර, කිරිබේරිය සහ පාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම ද හුදකලා කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa