වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක් හුදකලා කරයි

Colombo Gampaha Isolating Kaluthara
By Aruna May 07, 2021 01:21 AM GMT
Aruna

Aruna

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඊට අමතරව මෙතෙක් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමටද තීරණය කර ඇත.

පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සලකා එම තීරණ ගෙන ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුටත් පැවසීය.

එම ප්‍රදේශ පහතින්, මේ මොහොතේ සිට හුදකලා කර ඇති ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කයේ

කඩවත පොලිස් බලප්‍රදේශයේ ඇල්දෙනිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

සූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසම

සූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසම

පහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම

ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම

කොළඹ දිස්ත්‍රික්කයේ

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හල්පුත ග්‍රාම නිලධාරි වසම

කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

මාකන්දර බටහිර ග්‍රාම නිලධාරි වසම

නිවුන්ගම ග්‍රාම නිලධාරි වසම

පොල්හේන ග්‍රාම නිලධාරි වසම

කළුතර දිස්ත්‍රික්කයේ

අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ පිම්ඹුර ග්‍රාම නිලධාරි වසම

මතුගම පොලිස් බලප්‍රදේශයේ යටියන බටහිර ග්‍රාම නිලධාරි වසම

මේ වනවිට හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින්,

කළුතර දිස්ත්‍රික්කයේ

බදුරලිය පොලිස් බලප්‍රදේශයේ ඉඟුරුදළුව ග්‍රාම නිලධාරි වසම

මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

මිරිස්වත්ත ග්‍රාම නිලධාරි වසම

පහල හේවෙස්ස ග්‍රාම නිලධාරි වසම

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now