වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පෙදෙසක් හුදකලා කරයි.

Curfew Police Corona Virus Modara
By Thaya Jan 05, 2021 06:11 PM GMT
Report

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර තිබෙනවා.

අද (05) උදෑසන 05.00 සිට එම ප්‍රදේශ හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.

ඊයේ (04) පස්වරුවේ සිට එම ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.