නැගෙනහිර නගරයක් හුදෙකලා කරයි

Lockdown Eastern city
By Thaya Jan 02, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින පහකට හුදකලාභාවයට පත්කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් දිසාපති කේ.කරුණාකරන්න මහතා පවසයි.

ඊයේ (30) දවස පුරා මඩකලපුව නගරයේ ඇති ව්‍යාපාරික ස්ථානවල සේවය කරන සේවකයින් හා හිමිකරුවන්ට කරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 549කින් 26 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එයින් කාත්තාන්කුඩි ප්‍රදේශයේ ආසාදිතයින් 23ක් හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වන විට කාත්තාන්කුඩි ප්‍රදේශයෙන් ආසාදිතයින් ගණන 50ක් හඳුනා ගැනීමත් සමග කොවිඩ් වෛරසය පැතිරීම යෑම වැළක්වීම සඳහා අද සිට හුදකලාභාවයට පත්කර ඇත.