හුදකලා කර ඇති ඇති ප්‍රදේශයට වෑන් රථයකින් මත්පැන්
හුදකලා කර ඇති බගවන්තලාව ඇන්ෆිල්ඩ් ග්‍රාමසේවා වසමට අයත් වතු යායකට මත්පැන් බෝතල් තොගයක් රැගෙන යාමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙකු (17) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.බි.පලිපාන මහතා පැවසුවා.
සැකකරු හැටන් ප්‍රදේශයේ සිට වැන් රථයකින් මත්පැන් බෝතල් 15 ක්, බියර් ටින් 30 ක් රැගෙන එම වතු යායට විකල්ප මාර්ගයක් ඔස්සේ ඇතුල්විමට උත්සහ කිරිමේදි හුදකලා කර ඇති ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි හැටන් පොලිස් නිලධාරින් සැකකරුවන දෙදෙනෙකු, මත්පැන් බෝතල් තොගය සහ වැන් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් එම වතු යායේම පදිංචිකරුවන් බවත්, හුදකලා කර ඇති ප්‍රදේශයේ වතු කම්කරුවන්ට වැඩි මිලට මත්පැන් බෝතල් අලෙවි කිරිම සදහා රැගෙන යමින් සිටි බවයි දැනට කරන ලද මුලික පරික්ෂණවලදි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



