හුදකලා කර ඇති ප්‍රදේශවලට සංචරණය ලිහිල් වනවාද?

covid19 isolated shavendra silva quarantine travel restriction
By Sewvandhi May 24, 2021 11:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචරණ සීමා ලිහිල් කිරීමේදී දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට පිටතට පැමිණීමට හැකියාවක් නොමැති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සම්බන්ධ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පස්වරුවේ පැවැති අතර එහිදී අදහස් දක්වමින් යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

මේ අතර දැනට හුදකලා කර ඇති ප්‍රදේශ රැසක් අද සවස් කාලයේදී හුදකලා බවින් මුදා හැරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බවද මෙහිදී සඳහන් වුණි. කෙසේවෙතත් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා හෙට 25 අලුයම 4ට සංචරණ සීමා ලිහිල් කෙරෙන අතර එදිනම රාත්‍රී 11ට යළිත් සංචරණ සීමා ක්‍රියාත්මක කෙරේ.

එසේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එළඹෙන 31 වනදා අලුයම 4 ට සංචරණ සීමා ලිහිල් කිරීමට නියමිතය. එදිනම රාත්‍රී 11ට යළි සංචරණ සීමා පැනවේ.

එලෙස පැනවෙන සංචරණ සීමා ජුනි 4 වනදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අලුයම 4ට ලිහිල් කෙරෙන අතර යළිත් එදිනම රාත්‍රී 11 සිට ජුනි 7 වනදා දක්වා සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now