මැයි 28 න් පසු සංචරණ සීමා දීර්ඝ වනවාද ?(VIDEO)

COVID19 SHAVENDRA SILVA ISOLATED TRAVEL RESTRICTION QUARANTIN
By Sewvandhi May 22, 2021 05:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මැයි මස 25 වන දිනයෙන් පසුව ඊළඟ සතිඅන්නතයේ දීත් නැවත සංචරණ සීමා පනවන්නේ දැයි ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (22) උදෑසන “දෙරණ අරුණ“ වැඩසටහන සමඟ එක්වෙමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ, සෞඛ්‍ය අංශ මාධ්‍යයට පවසන ඇතැම් කරුණු සම්බන්ධයෙන් එම අවස්ථාවේ දී අවධානය යොමුකිරීමට නියමිත බවය.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ (21) රාත්‍රී 11 සිට සංචරණ නීති ක්‍රියාක්මක වීම ආරම්භ වු අතර, එය ලබන 25 වනදා උදෑසන 4.00 දක්වා ක්‍රියාත්මක වේ. නැවතත් 25 වනදා රාත්‍රී 11 සිට 28 වනදා අලුයම 4.00 දක්වා සංචරණ නීති ක්‍රියාත්ම කිරීමට මේ වන විට තීරණය කර තිබේ.

නමුත් ඊයේ දිනයේ දී වෛද්‍ය සංගම් 4ක් එකතුව පවසා සිටියේ, ලබන 25 වන අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් නොකර දින 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බවය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“කියන දෙයක් අපේ කාර්ය සාධක බලකායට කිව්වා නම් ඒක සාකච්ඡාවට භාජනය කරලා සුදුසුම ක්‍රියාවලිය ගන්න පුළුවන්. ඒ අතර 28 වන දා උදෑසන දක්වා දැනට තිබෙන ක්‍රමවේදය අනුව සංචරණ සීමා පනවා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා 25, 26 හෝ 27 දිනවල දී සාකච්ඡාවක් පවත්වලා අපට අවශ්‍ය වුනොත් තත්ත්වය සලකා බලා තව දුරටත්සංචරණ සීමා දීර්ඝ කරනවා ද කියන එක තීරණය කළ හැකියි කියලා. එහිදී කවුරුදු එපා කිව්ව කතාවක් නෑ. ජනාධිපතිවරයා ඊයෙත් ඒක කිව්වා අපිට 25, 26 හෝ 27 වෙද්දි ඊළඟ සති අන්තයත් මේ වගේ සංචරණ සීමා පනවනවා ද එතනිනුත් එහාට තවදුරටත් දින කිහිපයක් වැඩි කරන්න අවශ්‍ය නම් ඒකත් අපි සලකා බලන්න පුළුවන් කියන කාරණය.“



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now