සංචරණ සීමා කාලයේදී විවෘතව තැබෙන ස්ථාන

isolated bandula gunawardana economic center kanchana wijesekara fish markets
By Sewvandhi May 21, 2021 11:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉදිරියේදී සංචරණ සීමා පනවනු ලැබුව ද, ධීවරයින්ට සිය වෘත්තීයේ යෙදීමට අවසර හිමිවන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මත්ස්‍ය තොග අලෙවිසැල් පවත්වාගෙන යාම සඳහා වෙළෙඳුන්ට ද අවසර හිමිවන බවයි.

දිරි මාස 3ක කාලයක් යන තෙක් කිසිදු භාණ්ඩයක මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ මේ දිනවල ලෝක වෙළඳපොල තුල ඛනිජ තෙල් සහ ගෑස්වල මිල ද අසාමාන්‍ය ලෙසට ඉහළ යාමක් පවතින බවයි.

පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ භාණ්ඩ ප්‍රවාහනය සාමාන්‍ය පරිදි සිදු නොවීමෙන් මතුව ඇති කන්ටේනර් හිගය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන වියදම් ද අන්තර්ජාතිකව අසීමිත ලෙසට ඉහළ ගොස් ඇති බව ඔහු කියාසිටියා.

මේ අතර ලබන 24 සහ 25 දෙදින තුල සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

එමෙන්ම එම මධ්‍යස්ථාන වෙත ගොස් භාණ්ඩ රැගෙන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවසරය මත නිවෙස් වෙත ගොස් බෙදාහැරීමට වෙළඳුන්ට අවස්ථාව හිමිවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

You May Like This Video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now