අද රාත්‍රියේ සිට දිවයිනටම නැවතත් සංචරණ සීමා(VIDEO)

covid19 isolated shavendra silva economic center dhilum amunugama
By Sewvandhi May 21, 2021 02:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා අලුයම හතර දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, 25 වනදා අලුයම 04 ට පැය 19 ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, යළි එදිනම රාත්‍රී 11ට දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමා පැනවෙනවා. එය ඉවත් කෙරෙන්නේ 28 වන සිකුරාදා අලුයම 4 ටයි.

මීට පෙර සංචරණ සීමා පැනවූ ආකාරයටම අද පනවන සංචරණ සීමාද බලාත්මක වන අතර ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් නිවෙස්වලින් පිටව යා හැකියි.

එම කාලසීමාව තුළ මේ දිනවල ක්‍රියාත්මක ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් පිටතට යාමටද හැකියාව ලැබෙන්නේ නැහැ.

මේ අතර, සංචරණ සීමා හේතුවෙන් අද සිට 24 වන සඳුදා දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙනවා.

එමෙන්ම සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

මේ ඇතුළු දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න ගගන හිමිදිරිය නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now