වහාම මේ මොහොතේ සිට තවත් පෙදෙසක් වසා දමයි..දැඩි අවදානම් තත්ත්වයක්.

isolated colombo grandpass mahavaththa
By Sewvandhi May 20, 2021 03:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහවත්ත පාරේ, 233 වත්ත මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව පොලිස් බල ප්‍රදේශයේ සින්නෝරානි සහ පලමීන්මඩු ග්‍රාම නිලධාරී වසම් අද පෙරවරුවේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එම දිස්ත්‍රික්කයේම කාන්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ තිරුචෙන්දූර්, කල්ලඩිවෙල්ලූර් සහ නොචිමුනායි ග්‍රාම නිලධාරී වසමේ පුනෝචිමුනායි ග්‍රාමය හැර අනෙකුත් ගම් හුදෙකලා කර ඇති බවයි.

ඊට අමතරව දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නාම්පමුණුව, ගොරකපිටිය, මාවිත්තර උතුර, පැලැන්වත්ත බටහිර සහ පැලැන්වත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත් කර ඇති බවයි.

එමෙන්ම, මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරවත්ත සහ මහරගම පොලිස් බල ප්‍රදේශයේ පමුණුව ග්‍රාම නිලධාරී වසම්වලට පැනවූ හුදෙකලා භාවය ද ඉවත් කර තිබෙනවා. ඊට අමතරව ගම්පහ, කළුතර, නුවරඑළිය, වව්නියාව සහ මාතලේ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ සහ ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට පැනවූ හුදෙකලාභාවය ද ඉවත් කරනු ලැබුවා. මේ අතර, හෙට රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා අලුයම හතර දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් 25 වන දා අලුයම 4ට පැය 19ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, යළි එදිනම රාත්‍රී 11ට දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමා පැනවෙනවා. එය ඉවත් කෙරෙන්නේ 28 වන සිකුරාදා අලුයම 4 යි. මීට පෙර සංචරණ සීමා පැනවූ ආකාරයටම හෙට පනවන සංචරණ සීමා ද බලාත්මක වන අතර ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් නිවෙස්වලින් පිටව යා හැකියි.

එම කාලසීමාව තුළ මේ දිනවල ක්‍රියාත්මක ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් පිටතට යාමට ද හැකියාව ලැබෙන්නේ නැහැ. මේ අතර, සංචරණ සීමා හේතුවෙන් හෙට සිට 24 වන සඳුදා දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන බව මීට පෙර නිවේදනය කළා. 25 වනදා පෙරවරු හතරට සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළඳපොල විවෘත කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

ඉන් අනතුරුව යලි 26 වන බදාදා සිට 28 වන සිකුරාදා දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙනු ඇති. මේ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාල අද සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ, පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මගින් ලබා ගත යුතු අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී දිනවල උදෑසන 8 සිට පස්වරු 4.30 දක්වා දුරකථන මගින් සහ විද්‍යුත් තැපෑල මගින් සම්බන්ධ වීමට හැකියාව පවතිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now