අදත් ප්‍රදේශ කීපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ
isolated
shavendra silva
covid 19
travel restriction
By Sewvandhi
මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5ක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව මෙලෙස හුදෙකලා කෙරෙන්නේ සින්නයුරානි,පලමීන්මඩු,තිරුචේන්තුර්,කල්ලඩි වෙල්ලූර් ග්‍රාම නිලධාරී වසම් සහ නොච්චිමුනෙයි ග්‍රාම නිලධාරී වසමේ පූනොච්චිමූනෙයි ගම්මානයයි.
එසේම දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරී වසම් 38ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 8ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 9ක්, කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 16ක්, මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 03ක් සහ නුවරඑළිය සහ වවුනියාව දිස්ත්‍රික්කවල එක් ග්‍රාම නිලධාරී වසම බැගින් මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත්කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



