වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ පෙදෙසක් හුදකලා කරයි.. තත්ත්වය අවධානම්.

Corona Virus Curfew Police Colombo
By Thaya Dec 27, 2020 07:10 PM GMT
Thaya

Thaya

Report

වහාම ක්‍රියාතමක වන පරිදි කොළඹ 09 වේළුවන පාර ප්‍රදේශය හුදෙකලා කර ඇතැයි පොලිසිය පවසනවා.

කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන් එම ප්‍රදේශය හුදකලා කිරීමට පියවරගෙන ඇත.

මේ අතර කොරෝනා තත්ත්වය හමුවේ විරෝධතා පැවැත්වීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පල කළා.

”මේ අවස්ථාවේ උද්ඝෝෂණය කිරීම සතුරෙක් සමගි නෙවෙයි පරාජය කරන්න වෙන්නේ , කොවිඩ් සතුරා ඇසට නොපෙනෙන සතුරෙක් අපි පිටුපස්සේ ඉන්නේ. ඒ නිසා උද්ඝෝෂණකට සහභාගි වුණොත් යම් පිරිසක් නිරෝධායන නීතින්වලට පටහැනිව ඔවුන් ඒ සිටින සම්පුර්ණ ප්‍රදේශයම හුදෙකලා කරන්න සිදු වෙයි. ඒ නිසා නිරෝධායන නීතින් උල්ලංඝණය කරමින් එවැනි අකාරයකට කටයුතු කරනවා නම් එක් පැත්තකින් රටේ සමාන්‍ය නීතිය යටතේ අනිත් පැත්තෙන් නිරොධායන නීතිය යටතේත් කටයුතු කිරීමට සිදුවෙනවා නිරෝධායන නීතින්වලට පටහැනිව කටයුතු කළොත්, ඒ ගැන අවධානය යොමු කර නිරෝධායන නීතින්වලට පටහැනිව කටයුතු කොකරන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා”