ඉස්ලාම් අන්තවාදීන්ගෙන් පකිස්තානයේ හින්දු කෝවිලකට ප්‍රහාරයක්

attack temple Hindu Islamic extremists
By Thaya Jan 02, 2021 09:27 PM GMT
Thaya

Thaya

Report

ඉස්ලාම් අන්තවාදීන්ගෙන් පකිස්තානයේ හින්දු කෝවිලකට ප්‍රහාරයක්

ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් පකිස්තානයේ කයිබර් පකත්යුන්කා කලාපයේ කරාක්හි තෙරි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකට ප්‍රහාරයක් එල්ල කර හානි පමුණුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තවාදී පූජකවරැන් ඇතුලු දහස් ගනණක පිරිසක් මෙම ප්‍රහාරය සදහා සම්බන්ධ වී ඇති බවට වාර්තා වන අතර එය වැලැක්වීමට පෙලෙිසිය සහ ආරක්ෂක අංශ පියවර නොගත් බවටද චෝදනා එල්ල වී තිබෙි.

1919 දි ඉදිකරන ලද මෙම දේවස්ථානයට 1997 දිී ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් අනතුරැව 2015 වර්ෂයේදී පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේ මෙම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කර ඊට ආරක්ෂාව සපයන ලෙසයි.

මෙසේ යළි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ අධිකරණ නියෝගයකින් නැවත ප්‍රතිශක්තිකරණ කර විශේෂ ආරක්ෂාවක් සළසා තිබූ හින්දු දේවස්ථානයට බව අදාළ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.