මම නිලියක් වෙනවාට මගේ පවුලේ කවුරුත් කැමති වුනේ නැහැ, තාත්තා හිටියනම් මම ක්ෂේත්‍රයේ නැහැ-ඉෂංකා (PHOTOS)

By Sithumi Dec 29, 2022 01:31 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල පුංචි තිරයේ බොහෝ රසික ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියලා කියන්නේ. ඒ වගේම ඇය සිරස නාලිකාවේ විකාශනය වන කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ සමන්දිනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. 

  ඒ වගේම ඇය 2015 වසරේ ඉදන්ම නිරූපණ ක්ෂේත්‍රයේ රැදිලා ඉන්නවා. හැබැයි රංගනයට ප්‍රවේශ වීමට මට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ කියලයි ඇය කියන්නේ. මොකද ඇයගේ ඉලක්කය වුණේ ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම. 

 ඒ වගේම ඇය මුලින්ම රංගනයෙන් සම්බන්ධ වුණේ චන්ද්‍රපාණි ගීතයේ රූප රචනාවට. ඊට පස්සේ ඇය ‘ඉන්ටනැෂනල් 2’ සහ ‘බන්ධනා’ ආදි ටෙලි නාට්‍ය සඳහාත් රංගනයෙන් දායක වුණා. කොහොම නමුත් ඇය නිළියක් වෙනවට ඇයගේ පවුලේ කවුරුත් කැමැති වුණේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ තාත්තා මියගිහින් දැන් අවුරුදු 5ක් වෙනවා. ඉතින් තාත්තා හිටියා නම් සමහර විට ඇයට රංගන ක්ෂේත්‍රයට එන්න ලැබෙන එකක් නෑ කියලයි ඉෂංකා කියන්නේ.  

මොකද ඔහු ඒකට කැමැති වුනේම නැති නිසා. කොහොම නමුත් ඇය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වුණේ ඇයගේ ආච්චි අම්මා වෙනුවෙන් කියලත් ඇය කියනවා. ඉතින් ඇයව ටීවී එකේ දකින්න ඇය ගොඩක් ආස වුණාලු.  

ඒ වගේම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරෙත් එක්ක කලාවට ආවට පස්සේ ඇයටත් කලාවට ආදරේ හිතුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය විලාසිතා නිර්මාණකරණය, ආයුර්වේදය පිළිබඳ වගේම මැණික් විද්‍යාව පිළිබඳවත් හදාරලා තිබෙනවා. ඒ දැනුම ඔස්සේ ඇය මේ වෙද්දී ව්‍යාපාර තුනක් කරගෙන යනවා.  

ඉතින් ඇය දැනට ආදරවන්තියක් නෙවෙයි කියලත් ඇය කියනවා. ඉතින් ආදරවන්තියක් වුණොත් ඒ ගැන ඇයගේ රසිකයන්ට කියන්න ඇය හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවාලු. 

 ඒත් ඇය හිතන්නේ නැහැලු මේක ආදරවන්තියක් වෙන්න සුදුසු කාලය කියලා. මොකද මේ දවස්වල යෝජනා ලැබෙන්නෙ සමන්දිනිට හෝ චන්ද්‍රපාණිට මිසක් සැබෑ ඉෂංකාට නෙවෙයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට සැබෑ ජීවිතේ රඟපාන්න බැරි නිසා ආදරේ දැනෙන්න ඕන ඇයගේ හදවතට කියලත් ඇය කියනවා. 

 ඒ වගේම ඇය ගොඩක් සංවේදී කෙනෙක් නිසා හිතට සැනසීම ගෙනෙන, හදවතට දැනෙන ආදරයක් ලැබෙන තුරු ඇය ආසාවෙන් බලන් ඉන්නවා කියලයි අවසාන වශයෙන් පැවසුවේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha