මීටියාගොඩ වෙඩි වැදුණු කාන්තාව මරුට

Report

මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇත. අද (17) රාත්‍රි 8.30ට පමණ සිදුවු මෙම වෙඩිතැබීමෙන් අවන්හලේ මුදල් අයකැමිවරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පොලිසිය වාර්තා කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි දෙන්නෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ලාංකිකයන්ට යුරෝප් රටක රැකියා අවස්ථාව මෙන්න

ලාංකිකයන්ට යුරෝප් රටක රැකියා අවස්ථාව මෙන්න

මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා වේ. කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වු අතර, එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.


ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ඒ් අනුව වසරේ මේ දක්වා සිදුව ඇති වෙඩි තැබීම් ගණන 106 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගලයන් 54 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලබා තිබේ.