ඔයාගෙ ආහාර වලට මේ දේවල් එකතු කරගෙන බලන්නකෝ..
මෙන්න මේ ආහාර, ඔයා ආහාර ගනිද්දී එකතු කරගන බලන්නකෝ
කොමඩු කියන්නේ ඔයාට පහසුවෙන් හොයාගන්න පුළුවන් කෑමක්නේ, ඉතිං ඔයා ඔයාගේ ආහාර වේලට අමතරව කොමඩු ආහරයට ගන්න.කොමඩු පළතුරේ ගුණාත්මක භාවය හොයලා බැලුවොත් විටමින් ඒ සහ විටමින් සී අනූන වූ පලතුරක්.ඒ වගේම ඔබේ සමේ තෙතමනය රකින්නට උපකාරී වන පළතුරක්. සම ගැන හිතන ඔයාගේ සම ලස්සනට තියාගන්න කොමඩු පළතුර උපකාරී වෙනවා .

ඔයාලා හැමෝම දන්නවනේ කැරට් ගැන ඉතිං මේ කැරට් වල ප්‍රථිලාභ වෙන්නේ විටමින් A සමඟ, විටමින් C, D ,E K වැනි විටමින්ද , ඛනිජ ලවණ ,කැල්සියම්, පොටෑසියම් සහ මැග්නීසියම් විශාල ප්‍රමාණයක් කැරට් වල අන්තර්ගතයි . ඒ වගේම විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් කැරට් , ශරීරයට අත්‍යවශ්‍ය තන්තු වලින් සමන්විතයි. තවද කැරට් යුෂ වල කොලජන් නිශ්පාදනය සඳහා අවශ්‍ය වන සංඝටක අඩංගු වන අතර සම පැහැපත් කරන්නට සමත් වෙනවා. ඒ වගේම දීප්තිමත් කිරීමට සහ නිරෝගී සමක් ලබා ගැනීමට අවශ්‍ය වන විටමින් C ද එහි අඩංගු වෙලා තියනවා.

තවද කැරට් යුෂ වල අඩංගු වන බීටා කැරොටීන් මගින් පාරජම්බුල කිරණ වලින් ඔබේ සමට ඇති විය හැකි හානි වලින් ඔබේ සම ආරක්ශා කරන්නට හේතු වේ ඒ වගේම පොටෑසියම් ඌනතාවයේ ප්‍රතිඵලයක් ලෙස වියළීමට පත්ව ඇත්නම් පොටෑසියම් වලින් පොහොසත් ප්‍රභවයක් කැරට් නිසා එය ඔබේ සම සජලනය කරන්නට උපකාරී වෙනවා .හැබැයි කියන්නම ඕනේ කැරට් කන්න, බොන්න සීනි දාන එකනම් අඩු කරන්න.
ඒ වගේම බැලැක් බෙරී මෙන්ම ස්ටෝබෙරීස් අපට අහාරයට ගන්න පුළුවන් ඒ දේවල් ඔයාගේ හම ලස්සනට තියාගන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ රසවත් බෙරි එදිනෙදා පානයක් ලෙස එකතු කරගන්නට පුළුවන් නම් වෙනස් රසයන්ගෙන් රස නහර පිනවාගන්න පුළුවන්. මහන්සි වෙලා ඉන්න වෙලාවට ඇඟට නව ප්‍රබෝධයක් ගෙන එනවා .ඒ වගේම හම රැකගන්න වටිනවා වගේම ගුණදායකයි.

තවත් ගොඩ දෙනෙක්ට හොයාගන්න ලේසි පළතුරක් තමයි අලිපේර කියන්නේ. එහි විටමින් සී සහ විටමින් ඊ ඇතුලු සංඝටක බොහොමයක් අන්තර්ගත වෙලා තියනවා .මේ අලිපේරත් ඔබේ සමට ඉතාමත් ගුණ පලතුරක්. වෙනවා ඉතිං ඔයාට අලිපේර පානයක් ලෙස හෝ ආහාරයක් විදිහට ගන්න පුලුවන්

ඒ වගේම ඔබ ආහාරයට මාලු තෝර ගනිද්දී ලින්නො වඩාත් සුදුසු වර්ගයක් මොකද ලින්නෝ ආහාරයට ගත්තොත් ඔබේ සමේ දීප්තියට හේතුවක් වෙනවා.