හෙණ ගහන අපරාධ ගැහැණුන්ට දරුවන්ට අහස පොලොව දෙදෙරන අපරාධ

Report

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ 2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මස දක්වා වූ කාළය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනය පිළිබඳ පැමිණිලි 2,183ක් වාර්තා වී ඇති බවයි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික කාන්තා කමිටුවේ 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක සේවය හරහා මෙම පැමිණිලි ලැබී ඇත.

කසාදෙට පැය ගාණක් තියලා කෑම ප්‍රශ්ණෙකට යකඩෙන් ගහලා මරලා

කසාදෙට පැය ගාණක් තියලා කෑම ප්‍රශ්ණෙකට යකඩෙන් ගහලා මරලා

ඒ අතුරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලෙස වාර්තා වනුයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගණයේ වන පැමිණිලි සංඛ්‍යාව 1,488 ක් අතර සයිබර් අපරාධ ගණයේ පැමිණිලි 234 ක් වාර්තා වී ඇත.

එමෙන්ම දූෂණය පිළිබඳව පැමිණිලි ද 7ක් ද වාර්තා විය. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික කාන්තා කමිටුව විසින් රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වයද සමගින් පැය 24 පුරාම ත්‍රෛයිභාෂාවෙන්ම ක්‍රියාත්මක 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක සේවය වැඩිදියුණු කිරීම සහ ප්‍රවර්ධනය මේ වන විටත් ආරම්භ කර ඇත.

මක්කම ඛේදවාචකය - කිරිසප්පයෝ කාන්තාවෝ අදුරගන්නවත් බැරිලු බසය පිටින්ම ගිනි අරන්

මක්කම ඛේදවාචකය - කිරිසප්පයෝ කාන්තාවෝ අදුරගන්නවත් බැරිලු බසය පිටින්ම ගිනි අරන්

එමෙන්ම දැනුම්වත් කිරීම හරහා වාර්තා කිරීමට දිරිමත් කිරීමත් ඒ හරහා ලිංගික සහ ස්ත්‍රී - පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමත් අරමුණයි. ඊට අමතරව එළැඹෙන නොවැම්බර් 25 ට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්ව තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙන් ඇරඹෙන ස්ත්‍රී - පුරුෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 වැඩපිළිවෙළ ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදෙස් කතට ලිංගික අවයව පෙන්නපු නරුමයා අත්අඩංගුවට

විදෙස් කතට ලිංගික අවයව පෙන්නපු නරුමයා අත්අඩංගුවට

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, දෙසැම්බර් මස 10 වන දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයෙන් අවසන් වන මෙම දින 16 තුළ ද කාන්තාවන් දැනුවත් කිරීම සහ තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.