කොරෝනා වලටත් පන්ති ප්‍රශ්නයක් ද ?

Covid-19
By Thaya Mar 20, 2021 12:06 PM GMT
Report

කොරෝනා වෛරසයෙන් මේ වන විට මිය යන්නේ නිර්දන පන්තියේ මිනිසුන් පමණක් බවත් ධනපති පන්තියේ කිසිවකු මිය යන්නේ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි. පහල පන්තියේ ජනතාව වෛරසයෙන් මියගියද සල්ලිකාරයන් වෛරසයෙන් බේරෙන ආකාරය දන්නා බවද ඔහු පැවසීය. එමෙන්ම වල් අලි ගහන්නේ ද නිර්දන පන්තියේ මිනිස්සුන්ට බවත් තට්ටු දෙකේ නිවසකට කිසි දවසක අලි පහර දෙන්නේ නැති බවත් ඒ මහතා සඳහන් කරයි. සොබාදහමේ අර්බුද පවා වැඩිපුර බලපාන්නේ නිර්ධන පන්තියට බවත් මෙතන ඇත්තේ පන්ති ප්‍රශ්නයක් බවත් ඒ මහතා කියා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ම්මන්ත්‍රණයකදී ඔහු මේ අදහස් පළ කරන ලදී.